අාත්ම විශ්වාසයේ රහස් එකොළහ

ඔබට ජීවිතයේදී වුණත් ව්‍යාපාරයකදී වුණත් සාර්ථක වෙන්න ඕනෙ නම් අාත්ම විශ්වාසය අත්‍යාවශ්‍ය වෙනවමයි. තමන්ගෙ ඉලක්කයන් සම්පූර්ණ කරගන්න වගේම අනිත් අයව එයාලගෙ ඉලක්කවලට යවන්නත් අාත්ම විශ්වාසය හොඳට තියෙන කෙනෙක්ට පුළුවන්.
           එ්ත් කොහොමද අාත්ම විශ්වාසය දියුණු කරගන්නෙ? මෙන්න එහෙනම් එ් වැඩේ කරගන්න රහස් 11ක්.


1. මධ්‍යස්ථ කෙනෙක් වෙන්න.

            ඔබ වැඩක් පටන් ගනිද්දි අවසාන ප්‍රතිඵලය ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. ඕනවට වැඩියෙ බලාපොරොත්තු තියාගත්තම අපේ හිතේ බිය අැති වෙනවා. එ් බය ගැන හිතන්නම ඔබේ කාලය නාස්ති වේවි. මේක අසාර්ථක වුණොත්?, මේ වැඩේ නිසා අනිත් අයට මං මෝඩයෙක් කියලා හිතුණොත්? මේ වගේ දේවල් දිගටම හිතෙද්දි අපිට අපේ අරමුණට යන්න බැරිවෙයි. එ් නිසා ප්‍රතිඵලය ගැන වද නොවී, තමන්ගෙ අරමුණ කරා යන ගමනෙ එ් එ් පියවර අාත්ම විශ්වාසයෙන් යුතුව තියන්න. ප්‍රතිඵලය සාර්ථක වුණත් නැතත් ඔබ තබන එක් එක් පියවර සාර්ථක කරගන්න. අවසානයෙදි මුළු ගමනම සාර්ථක වෙලා තියේවි.

2. අහංකාර නොවීම සහ දිගටම ඉගෙනගැනීම
         මෝඩයා හිතනවලු තමන් බුද්ධිමතෙක් කියලා. හැබැයි බුද්ධිමතා හිතනවලු තමන් තාමත් මෝඩයෙක් කියලා. එ් නිසා බුද්ධිමතා නිතරම තමන් කරන දේ ගැන අලුත් අලුත් දේවල් ඉගෙනගන්න උත්සාහ කරනවා. එ් වගේම තමන්ගෙ ඉලක්කයට යන්න පුළුවන් අලුත් අලුත් පාරවල් ගැන තේරුම් ගන්නවා. මෙහෙම තමන්ගෙ ඉලක්කය ගැන ඉගෙනීම වැඩ් වෙනකොට, දන්න ප්‍රමාණය වැඩි වෙනකොට අාත්ම විශ්වාසය වැඩි වෙනවා. අන්න එ් නිසයි බුද්ධිමතාට තමන් මුහුණ දෙන හැම අලුත් අවස්ථාවක්ම අලුත් ඉගෙනීමක් වෙන්නෙ. තමන්ගෙ විෂය ගැන නොදන්නා දෙයක් නැති තරමට දැනුම වැඩි කරගන්න. එතකොට බය නැතිවෙලා අාත්ම විශ්වාසය වැඩි දියුණු වෙයි.

3. ධනාත්මකව තමන් එක්ක කතා කරන්න.
           ඍණාත්මක අදහසක් හිතට එනකොට එ්කට විරුද්ධව ධනාත්මක අදහසක් හිතන්න. අනේ මට මේක කරන්න බෑ කියලා හිතෙද්දි එ් අදහසට විරුද්ධව හිත එක්ක තර්ක කරන්න. හිතට කියන්න "ඔයාගෙ ඍණාත්මක අදහස්වලට මගේ ළඟ ඉඩක් නෑ " කියලා. හිතට කියන්න කරුණාකරලා එ් ඍණාත්මක අදහස අයින් කරගන්න කියලා. අන්න එතකොට තමන්ගෙ ඉලක්කය සම්පූර්ණ කරගන්න අවශ්‍ය කරන අාත්ම ශක්තිය දවසින් දවස දියුණු වේවි.

4. ධනාත්මක ශාරීරික භාෂාව
කකුල් දෙක පළල් කරලා හිටගෙන ඉනට අත් දෙක තියාගත්තම දැනෙන ධනාත්මක හැඟීම ඔබට මතකද? අන්න එ් වගේ ධනාත්මක ඉරියව්වක් පුරුද්දක් කරගන්න. වැඩක් පටන් ගන්න කලින් විනාඩියක් දෙකක් එ් ඉරියව්වෙ ඉඳලා අාත්ම ශක්තියවැඩි කරගෙනම වැඩේ පටන් ගන්න. අන්න එතකොට ඔබ කරන කාර්යය සාර්ථක කරගන්න පුළුවන් වේවි.

5. ජයග්‍රහණයන් සමරන්න.
     අපි දෙයකින් අසමත් වෙද්දි අපේ ශරීරයේ කෝටිසෝල් කියන හෝමෝනය නිපදවෙනවා. මේ කෝටිසෝල්වලින් අපේ ශරීරය දුර්වල කරවනවා වගේම අපිට ඩිප්‍රෙෂන් හදනවා. අපේ අාත්ම විශ්වාසය දුර්වල කරනවා. හැබැයි අපි ජයග්‍රහණය කරනකොට අපේ මොළයෙන් නිපදවන්නෙ එන්ඩොප්‍රීන්, ඩොපමීන් සහ සෙරොටොනින් හෝමෝන. ඔබේ ජයග්‍රහණ ලියන්න පොතක් තියාගන්න. පුංචිම පුංචි ජයග්‍රහණයන් පවා එ්කෙ ලියාගන්න. හැමදාම උදේ පාන්දර එ්වා කියවන්න. එ් තුළින් ඔබේ ශරීරය වගේම අාත්ම ශක්තියත් දියුණු වේවි.

6. ඔබේ අවධානය අනිත් අය දෙසට යොමු කරන්න.
          තමා සහ තමාගේ ගමන් මාර්ගය ගැන විතරක් අවධානය යොමු කරගත්තම තමයි අපිට අනාරක්ෂිත හැඟීමක් අැතිවෙන්නෙ. එ් නිසා ඔබේ අවධානය වෙනත් අය දිහාවට යොමු කරන්න. ඔවුන් සමග සම්බන්ධතාවය දියුණු කරගන්න. ඔවුන්ට ඔබේ අදහස් දෙන්න. එතකොට ඔබේ අනාරක්ෂිත හැඟීම නැති වෙලා යාවි.

7. ඔබව අද්විතීය කෙනෙක් කරන්න පුළුවන් මොන දේටද කියලා හොයාගන්න.
       
          හරියටම ඔබ වැඩ කරන ක්‍රමයටම දේවල් කරන වෙන කවුරුවත් නෑ. ඔබ කවදහරි කළොත් මිස වෙන කවුරුවත් නොකරාවි කියලා හිතෙන දේවල් සියල්ලම ගැන සිතන්න. අන්න එ් අතරින් හොඳම දේවල් අරගෙන ඔබේ ජීවිතයට අැතුළත් කරගන්න. එ්වා වැඩි දියුණු කරගන්න.

8. ඔබේ අභිවෘද්ධිය හඹා යන්න.

          ජීවිතයේ සිදුවන ඉතා කුඩා වර්ධනයකට පවා ඔබේ අාත්ම විශ්වාසය අතිශයින් වර්ධනය කළ හැකියි. අපි නිතරම පුළුල් දේවල් ගැන හිතන නිසා පුංචි පුංචි ජයග්‍රහණයන් අපිට මගහැරෙන්න පුළුවන්. එ් නිසා පොතක් තියාගෙන පුංචිම ජයග්‍රහණයන් ගැන පවා එදිනෙදා ලියන එක හරිම වැදගත්. ඔබේ ගමන්මග කොහොමද ටිකෙන් ටික සාර්ථක වුණේ කියලා අාපසු කියවද්දි ඔබේ අාත්ම විශ්වාසය වර්ධනය වේවි.

9. අැදහීම
විවිධ අාකාරයේ අැදහීම් නැත්නම් විශ්වාස තියෙනවා. නමුත් ඔබ ඔබේ ගමන් මාර්ගය ගැන තියාගන්න විශ්වාසය ගැනයි මේ කියන්නෙ. එ් වගේම ඔබ ලබාගන්න යන දේ ගැන අැදහීම. ඔබ ලබාගන්නට යන දේ ඔබේ පූජනීයම දේ කරගන්න. එ් වෙනුවෙන් කැපවෙන්න. අන්න එතකොට, දැනට අමාරුයි කියලා හිතෙන සමහර දේවල් හිතන්නවත් බැරි තරම් ලේසි වේවි.

10. නිහතමානී බව

          අාත්ම විශ්වාසය ගොඩනගා ගැනීමේදී අවශ්‍ය ඉතාමත්ම වැදගත් අංගයක් තමයි නිහතමානී බව. ගොඩක් තමන් ගැන පුරසාරම් දොඩවන්නෙ අනාරක්ෂිත හැඟීමක් තියෙන අය. ඔබ සාර්ථක කරගත්ත දේවල් වැඩි වෙනකොට ඔබ ඔබේ ගැන කතා කරන්න ඕන වෙන එකක් නෑ. ඔබේ සාර්ථකත්වයන් ඔබ වෙනුවෙන් කතා කරාවි. ඔබ මිනිසුන්ට ඔබ ගැන කියන්න කලින් මිනිසුන් ඔබ ගැන කතා කරාවි. එ් නිසා මිනිසුන්ට ඔබ ගැන නෙවෙයි ඔබේ සාර්ථකත්වයන් ගැන කතා කරන්න ඉඩ දෙන්න. එ් තුළින් මිනිසුන් ඔබ ගැන ගොඩනගාගෙන තියෙන පින්තූරය සහ ඔබේ අාත්ම විශ්වාසය වැඩිදියුණු වේවි.

11. ඔබේ විශ්වාසයන් වෙනස් කරන්න.
          ඔබට දීර්ඝකාලීන අාත්ම විශ්වාසයක් අවශ්‍යයි නම් ඔබ ඔබේ දෙස සහ ලෝකය දෙස බලන අාකාරය හොඳින් බලගන්වන්න. සිතට එන සෑම ඍණාත්මක සිතුවිල්ලක්ම ධනාත්මක සිතුවිල්ලක් බවට පරිවර්තනය කරන මැෂින් එකක් බවට ඔබේ හිත පත් කරගන්න.

නිපුන ශ්‍රීකාන්ත ලියනගේ
අන්තර්ජාලය අැසුරෙනි

Comments