සඳ රෑ තනියෙන්
තරැ නෑ අහසින්
පිණි මල් වැටිලා
දිලෙමින් එළියෙන්
ඔබගේ දෙනෙතේ
අසිරිය මවමින්
පාවී යනවා
සිහිලැල් දෙවමින්
සිතනම් නොගිහින්
ඔබගේ දසුනින්
මතකේ රැදිලා කදුලක් උණමින්
හඩවයි හද නම්
ඉවසන් ඉන්නම්
සිහිනෙන්වත් මාගේළග
ඉන්නව නම්
සැමදේ නොලැබී
ඔබ මගෙ ළග නම්
ඉන්නට තිබුණා
සතුටින් සුවයෙන්
කිසිවෙක් ළග නෑ
මම දැන් තනියෙන්
ඔබ මා දමලා
කොහෙදෝ දුර ගිහින්
නිපුන ශ්‍රීකාන්ත ලියනගේ
Comments
Post a Comment