ඔබේම ව්‍යාපාරයක් අාරම්භ කරන්න

ව්‍යාපාරයක හිමිකරුවෙක් වෙන්න ඔබ කැමතිද? නෑ කියන්න හේතුවක් නෑනෙ නේද? අපි ජීවත් වෙන්නෙ ලෝකය තුළ වේගයෙන් අාර්ථිකය ව්‍යාප්ත වෙන කාලයක. ඉතින් තමන්ගෙම කියලා සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්න එක දැන් කවදටත් වඩා ලේසියි. විවිධ සමාජ පසුබිම්වලින් අාපු, විවිධ මිනිස්සු තමන්ගෙ සීමා මායිම් වෙනස් කරගෙන සාර්ථක ව්‍යාපාරයන් පටන් අරන් තියෙනවා. ගොඩනගලා තියෙනවා. ඔවුන් විසින් සැලකිල්ලට ගැනුණු කාරණා තුනක් නිසා තමයි ඔවුන්ට මේ සාර්ථකත්වයන් විඳින්න පුළුවන් වුණේ. ඉතින් මොනවද එ් කාරණා තුන?
01. ඉස්සෙල්ලාම ඔයාට හරියටම හරියන බිස්නස් එක හොයාගන්න.
      ඊළඟට ඔයා තෝරගත්ත බිස්නස් එකට අාදරය කරන්න පටන් ගන්න. අවසාන වශයෙන් එහි ඵල නෙලාගන්න නම් ඔබේ කාලය සහ ශ්‍රමය එ් වෙනුවෙන් යොදවන්න පටන් ගන්න. එ් විදියට වැඩ කළොත් කවදාහරි සාර්ථක ව්‍යාපාරික කතාන්දරයක් ඔබ සතුවත් තිබේවි.
අැමෙරිකාවෙ මිලියනපතියන්ගෙන් 75%ක් ම එ් තත්වෙට අාවෙ, තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගැනීම නිසා. එ් වගේම මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි එයාලගෙන් ගොඩක් අයට ඊට කලින් කවදාවත්ම තමන්ගෙම කියලා බිස්නස් එකක් තිබිලා නෑ. ස්වයං රැකියාවක් පිළිබඳ ඔයාට කලින් අත්දැකීම් තියෙන්නම ඕන කියලා එකක් නෑ. ඔබට කරන්න තියෙන දේ තමයි ඔබට කරන්න ඕනෙ බිස්නස් එකට අවශ්‍ය දැනුම අද ඉඳන් ලබාගැනීම. ඊට පස්සෙ බිස්නස් එක කරගෙන යද්දි එ් දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම.

කන්ෆියුසියස්තුමා කියලා තියෙනවා ගව් දහසක දුර අාරම්භ වන්නේ එක පියවරකිනි කියලා. තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්නත් එ්ක තව දුරටත් ගොඩනගන්නත් ඔබට අවශ්‍යම ගුණාංගය තමයි ධෙෙර්යය. ඔබ මීට කලින් නොගිය එ් ඉසව්වට යාමට ධෙෙර්යය අැති කරගන්න. කොච්චර මිනිස්සු බිස්නස් පටන් අරගෙන තියෙනවද ගොඩනගලා තියෙනවද කියන එක ඔබට ප්‍රශ්නයක් නෙවෙයි. ඔබ ගමන අාරම්භ කරන කොට ඔබට දැනෙන්න සලස්වන්න ඔබ තමයි මේ වගේ ගමනක් යන පළවෙනි කෙනා කියලා. කවදාහරි ඔබේ අවස්ථාව එද්දි සමහරවිට එ් වැඩේ සාර්ථකවම කරපු පළවෙනි කෙනා ඔබ වෙන්න පුළුවන්.

2. ඔබ අාශා කරන දෙයක් ඔබේ වෘත්තිය කරගන්න.
ව්‍යාපාරික සාර්ථකත්වයත් එක්ක තාර්කිකව බැඳී පවතින දෙයක් තමයි අාශාව. ඔබ අාශා කරන දෙයක් ඔබේ වෘත්තිය, ව්‍යාපාරය කරගත්තොත්, ඔබ සාර්ථක කරගන්න හැම පියවරකදිම ඔබ පිස්සුවෙන් වගේ ඉදිරි අරමුණ හඹාගෙන යාවි. ඕනෑම ව්‍යාපාරයකට අවශ්‍යයි එ් ව්‍යාපාරය වෙනුවෙන්ම හුස්ම ගන්න, එ් ව්‍යාපාරය වෙනුවෙන්ම ජීවත් වෙන එ් වෙනුවෙන් සියල්ලම කැප කරන වීරයෙක්ව.
සමහර අය තමන් පාවිච්චි කරන්න කැමති විදියෙ භාණ්ඩ විකුණන ව්‍යාපාරයක් පටන් ගන්නවා. සමහර අය තමන්ගෙ ව්‍යාපාරය තෝරා ගන්නෙ එ් ව්‍යාපාරයත් එක්ක බැඳිලා තියෙන විද්‍යාවට හා තාක්ෂණයට එයාලා කැමති නිසා. සමහර අය ව්‍යාපාර පටන් ගන්නෙ තමන් අාශා කරන දෙයක් තමන්ගෙ විනෝදාංශයක් වැඩි වර්ධනය කරගැනීමක් විදියට. ඔබත් හිතන්න, ඔබේ ජීවිතේ ඔබ කරන්න අාසම වැඩේ මොකක්ද? ඔබට වැඩියෙන්ම හිතට දැනුණු නිෂ්පාදනය හෝ සේවාව මොකක්ද? එ්කෙන් පටන් ගන්න.

03. ඔබට අවශ්‍ය වටිනාම සම්පත ඔබ සතුයි.

         ඔබ අලුතින් ව්‍යාපාරයක් අාරම්භ කරද්දි ඔබට අවශ්‍ය වටිනාම සම්පත් තමයි ජවය, පරිකල්පනය, චරිත ස්වභාවය සහ ශික්ෂණය. එ්වා ඔස්සේ තමයි ඔබ මේ ගමනට අැතුළත් වෙන්න ඕන, වැඩකරන්න ඕනෙ සහ ප්‍රතිඵල ලබාගන්න ඕනෙ. එ්වා ඔස්සේ තමයි ඔබ වැදගත් තීරණ ගන්නෙ, ගනුදෙනුකරුවන් එක්ක මුහුණට මුහුණ කතා කරන්නෙ සහ ඔබේ විකිණුම් කරන්නෙ. ඔබ ඔබට ම වූ පොරොන්දුව පිටුපස හඹා යන්නෙ එ් හරහායි.

රැල්ෆ් වැල්ඩෝ එමර්සන්ගේ කියමනකට අනුව හොඳම අායතනයක් යනු එක්තරා මිනිසකුගේ දිගු සෙවණැල්ලක්. ඉතින්, ඉතාම කුඩා ව්‍යාපාරයක් පවා එක්තරා මිනිසකුගේ දිගු සෙවණැල්ලක් තමයි. එ් අනුව ඔබේ ව්‍යාපාරය කියන්නෙ ඔබම මිස වෙන කිසිම දෙයක් නෙවෙයි. ඔබ යනු ඔබේ ව්‍යාපාරයම තමයි. එ් නිසා මිනිත්තුවෙන් මිනිත්තුව පැයෙන් පැය ගතවෙද්දි ඔබට වඩා ඔබේ ව්‍යාපාරය විශාල වෙන්නෙවත්, කුඩා වෙන්නෙවත්, හොඳ වෙන්නෙවත්, නරක වෙන්නෙවත් නෑ. මොකද, ඔබේ ව්‍යාපාරය කියලා කියන්නෙ ඔබේ චරිතයෙ සහ ඔබේ හැකියාවෙ කැඩපතක්. අැත්තට ම ඔබ කවුද කියන එක ඔබේ ව්‍යාපාරය ඔබටත් ලෝකයටත් කියලා දේවි.

ඔබට ඔබේ අාර්ථික නිදහස ලබා දෙන එ් ව්‍යාපාරය අාරම්භ කරන්න අදට වඩා හොඳ දවසක් තවත් නෑ. කවුරු හරි කරපු මොනම හරි දෙයක්, මිලියන ගාණක් මිනිස්සු කරපු දෙයක් ඔබට ඊට වඩා හොඳට කරන්න පුළුවන් වේවි. දහස් ගණන් ව්‍යාපාරිකයන් පොත්වල, වීඩියෝවල, අන්තර්ජාලයෙ සටහන් කරලා තිබෙන හොඳම අදහස්, දැනුම, දර්ශනය, අත්දැකීම් ඔබේ කර මතින් තියාගන්න. ඔබට කලින් හිටපු අය කරපු දේවල් ඊට වඩා හොඳින් කිරීම තුළින් ම ඔබට ශ්‍රීලංකාවේ අතිශයින් ම සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. එහි කිසිම සීමාවක් නෑ. ඔබ ඔබටම පවරා ගන්න සීමාවන් අැරෙන්න.
(බ්‍රයන් ට්‍රේසිගේ ලිපියක් අැසුරින් කළ අනුවර්තනයකි - success apple)

Comments