ඔබේ පළමු පියවර

ඔබට සැතපුම් 365ක් දුවන්න තියෙනවා කියලා හිතමු. කොහොමද එ් වැඩේ කරන්නෙ? එච්චර දුරක්. නෑ....මට එ්ක කරන්න බැරිවෙයි. එහෙම හිතෙන වෙලාවලුත් තියෙනවා. සාර්ථකත්වය වෙනුවෙන් දුර ගමනක් යන්න හිතන ඔබට අැතිවෙන පළවෙනි බාධකය තමයි එ්ක. එච්චර ලොකු දෙයක් මට කරන්න බැරිවෙයි කියලා හිතෙන එක. හැබැයි....ඔබට කරන්න තියෙන්නෙ එක දෙයයි. සැතපුම් 365 යන්න පුළුවන් වුණත්, බැරි වුණත්....උත්සාහ කරන්න පටන් ගන්න. ඔය සැතපුම් 365න් පළවෙනි සැතපුම මුලින්ම යන්න ඕනෙ නෑ. පළවෙනි මීටරය යන්න ඕනෙත් නෑ. ඔබ තියන්න පළවෙනි අඩිය. අන්න එතකොට තේරෙයි දෙවැනි අඩිය තියන්නෙ කොහොමද කියලා.  එහෙම අඩිය තියාගෙන යද්දි, ගමන් කරන්න පහසු සමබිම්, බෑවුම් වගේම දුෂ්කර මහා කඳු එහෙමත් මුණගැහෙයි. එ් හැම එකකදිමත් ඔබ කරන්න ඕන එකම දේ තමයි....පළවෙනි පියවර තියන එක. මොකද, දෙවැනි පියවර තියන හැටි එතකොට ඔබට වැටහෙනවමයි. ඉතින් ඔබේ පියවර තැබීම දැන්ම පටන්ගන්න. හිතන්න.....මං මොකක්ද මගේම කියලා පටන්ගන්න බිස්නස් එක කියලා. පුළුවන්නම් ලයික් එකක් දාගෙනම යන්න. ඔබට ජය

Comments