ජීවිතය කියන්නෙ මහා පුදුමාකාර දෙයක්. එහි වෙනස්වීම් සිදුවන්නේ ක්ෂණයකින්. ඔබට මතකද? සමහර අවස්ථාවලදී ලොකු සතුටකින් හිටපු ඔබට ක්ෂණිකවම දුකට පත්වෙන්න සිදුවුණුඅවස්ථා.සමහරවිට ඔබට සතුට ගෙනදුන් හේතුවම ඔබට ඊට වඩා ලොකු දුකක් ගේන්නත් හේතු වෙන්න ඇති. එහෙම තමයි ජීවිතය. බුදුහාමුදුරැවොත් දේශනා කරලා තියෙනවනේ අටලෝ දහම මිනිස් ජීවිතයට විවිධ අයුරින් බලපානවා කියලා. ඒ කියන්නේ ලාභ, අලාභ, යසස, අයස, නින්දාථ ප්‍රශංසා, සැප, දුක් කාගෙත් ජීවිත වලට බලපානවා. සල්ලි නැති අය සල්ලි නෑ කියලා දුක් වෙන අතරෙ සල්ලි තියෙන අය සල්ලි නැතිවෙයි කියලා දුක් වෙනවා. හැම දෙයක්ම එහෙමයි. ඒත් එහෙම කියලා දුක් වෙවී ඉදලා වැඩක් නෑ. අපේ ජීවිතේ අපට පුලුවන් තරමට සාර්ථක කරගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ උත්සාහයෙ ප්‍රතිඵලය විදියට අපට සාර්ථක ජීවිතයක් උරුම වේවි.
ලෝකයෙ යුග ගණනාවක් ගත වුණා. මේ යුග නිර්මාණය වුණේ අවුරුදු දහස් ගණනක එකතුවෙන්. ශතවර්ෂ, දශක ගෙවිලා තමයි යුගයක් නිර්මාණය වෙන්නේ. දශකයක් කියන්නේ අවුරැදු දහයක්. අවුරුද්දකට මාස දොළහක් තියෙනවා. මාසෙකට දින තිහයි. දිනයකට පැය විසි හතරයි. ඒ වගේම තමයි පැයකට විනාඩි හැටයි. විනාඩියකට තත්පර හැටයි.ඒ කියන්නෙ ඕනෑම කාලයක් නිර්මාණය වෙන්නෙ තත්පරයෙන් තත්පරය එකතු වෙලා. ඉතින් අපි වැරදියට ගත කරන තත්පර හැටක් එකතු කළොත් වැරදියට ගත කරපු මිනිත්තුවක් හැදෙනවා. මේ විදියට තත්පරෙන් තත්පරේ එකතු වෙලා ජීවිතෙන් භාගයක්ම වැරදි කරලා තිබුණොත් අපි ගත කරලා තියෙන්නේ වැරදිකාර ජීවිතයක්.
අද වෙනකොට අවුරැදු සියයක් ජීවත්වන කෙනෙක් ගැන අහන එකත් හරිම දුර්ලභ කාරණයක්. ජීවිතය කියන්නෙ තණකොළ ගහක අග රැදුණු පිණි බින්දුවක් වගේ කියලා බුදු හාමුදුරැවො දේශනා කරලා තියෙනවා. ඉතින්......අපි මැරෙන්නෙ කවදද? තව අවුරැදු ගණනාවකින්? තව අවුරැද්දකින්? එහෙමත් නැත්නම් තව මාසෙකින්? තව දවසකින්? තව පැයකින්? තව විනාඩියකින්? සමහරවිට ඊළග තත්පරේ ගෙවෙද්දි අපි අපේ ජීවිතයෙන් සමු අරන් තියෙන්න පුළුවන් නේද? ඉතින් ඔබම හිතලා බලන්න. ඔබ ඉපදිලා දැන් අවුරැදු ගණනාවක් ජීවත් වුණා. මේ අවුරැදු ගණනාවක් තිස්සෙ ඔබ කළේ මොනවද? ඔබ කාලයෙන් කොච්චරක් ප්‍රෙයා්ජනයට අරන් තියෙනවද? කොච්චර කාලයක් අපතේ යවලා තියෙනවද? ඔබ අපතේ යවන තත්පරය ඔබේ පරාජයට හේතු වෙන්න පුළුවන් කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? ඔබ අපතේ යවන තත්පරය නිසා ඔබේ ජීවිතයම කාලකණ්නි වෙන්න පුළුවන් කියලා ඔබ හිතලා තියෙනවද? ඔබ එහෙම හිතලා නැත්නම් ඔබ ඔබේ ජීවිතයෙන් ලොකු කාලයක් අපතෙ යවන්න ඇති. ඔබ ඉපදුණු අවුරැද්දෙම ඔබටත් වඩා දුප්පත් විදියට ඉපදුණු මිනිස්සු අද වෙද්දි කොච්චර ඉහළ තැන්වල ඉන්නවද? ඔබට එතැනට යන්න බැරිවුණේ ඇයි? ඒ තමයි ඔබ හරියට කාලයෙන් ප්‍රයෝජන නොගත්ත එකේ ප්‍රතිඵලය.
ලෝකෙ ජීවත්වෙන ගොඩක් මිනිස්සු හීන දකිනවා සාර්ථක වෙන්නෙ කොහොමද කියන එක ගැන. ඔබත් එහෙම හීන දකිනවා ඇති. ඒත් ඒ හීන හැබෑ කරගන්න ඔබ මොනවද කරලා තියෙන්නෙ? ඔබ ඒකට සැළසුමක් හදලා තියෙනවද? අඩුම ගණනේ සැළසුමේ එක පියවරක්වත් සම්පූර්ණ කරලා තියෙනවද? එහෙම කරලා නැත්නම‘ අද ඉදලා ඔබට වෙනස් වෙන්න පුළුවන්. හිත හිතා ඉන්න කෙනෙක් වෙනුවට වැඩක් කරන කෙනෙක් වෙන්න ඔබට පුළුවන්. එහෙම වුණොත් ඔබ සාර්ථක වේවි.
ජීවිතයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරද්දි බලාපොරොත්තු තියාගන්නවට වඩා අරමුණු තියාගන්නඑක හොදයි කියලා මට හිතෙනවා. බලාපොරොත්තු තියාගත්තම ඒව ඉටු වෙනකන් අපි බලාගෙන ඉන්නව. එුත් අරමුනු තියාගත්තම ඒව ඉටුකරගන්න අපි උත්සාහ ගන්නවා. ඒ නිසයි මම කියන්නෙ බලාපොරොත්තු වලට වඩා අරමුණු හොදයි කියලා.
ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනෙ. ජීවිතය ඇතුළෙ අපි ගැන විතරක් නෙමෙයි අනිත් අය ගැනත් හිතන්න ඕනෙ. ඔබේ අරමුණු ඉටුකර ගනිද්දි අනිත් අයට කරදරයක් නොවෙන තැනට වග බලාගත යුත්තේ ඔබමයි. ඒ වගේම අනිත් අය වෙනුවෙන් සේවයක් කරන්න ඔබට හැකිනම් කොච්චර දෙයක්ද?
ඉතින් මම අවසාන වශයෙන් මෙහෙම කියන්නම්. අපි නැවතිලා හිටියට කාලය නවතින්නේ නැහැ. අපට කාලය නවත්වන්නත් බැහැ. කාලය හැමදාම තමන්ගේ ගමන යනවා. අපි ටිකෙන් ටික වයසට යනවා. ඉතින් අපි හැම තත්පරයකින්ම ප්‍රෙයා්ජන ගන්න ඕනෙ. නැත්නම් අපි කාගයට පරාද වේවි.කාලයට විතරක් නෙමෙයි අපි අපිටත් පරාද වේවි. ඒ වගේම ඔබ, ඔබ වෙනුවෙන් විතරක් නෙමෙයි රට වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, ලෝකය වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරන්න ඕන. එහෙම කරන්න බැරිනම් රටට, ලෝකයට, සමාජයට හානියක් වන දේවල් නොකර ඉන්නවත් ඔබ උත්සාහ ගන්නඕන. එතකොට ලෝකයම කියාවි ඔබ හරිම වටින මිනිහෙක් කියලා. ලෝකයා එහෙම නොකිව්වත් එබේ හදවත ඒක දන්න නිසා ඔබට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. face book එකේ තිබුණු දේකින් මම අවසන් කරන්නම්. දුප්පතෙකු ලෙස ඉපදීම ඔබේ වරදක් නොවේ. නමුත් ඔබ දුප්පතකු ලෙස මිය යනවානම් එය ඔබේ වරදකි. මනා පොරුෂයකින් යුතුව ඉපදීම අහම්බයකි. මනා පොරුෂයකින් යුත=ව මිය යෑම ජයග්‍රහණයකි. ඔබේ උපත සාමාන්‍ය එකක් විය හැක. එහෙත් ඔබේ මරණය ඓතිහාසික වේ නම් ඔබ ජයග්‍රාහකයෙකි. ඉතින් අද ඉදලා අළුතින් හිතමු නේද?
Comments
Post a Comment